Friday, April 19, 2024

General line - 0115112241

උසේන් බෝල්ට්ගේ රන් පදක්කමක් ගැලවෙයි




ජමෙයිකානු සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් වෙත හිමිවූ රන් පදක්කමක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඔහුට අහිමි කර තිබෙනවා.

2008 ඔලිම්පික් තරගාවලියේදී මෙම රන් පදක්කම හිමි වී තිබුණා.

උසේන් බෝල්ට් වෙත මෙලෙස අහිමි කර ඇත්තේ මීටර් 100×4 සහාය දිවීමේ ඉසව්වෙන් ඔහුට හිමිවූ රන්පදක්කමයි.

මෙම තරගයට සහභාගි වූ ජැමෙයිකානු කණ්ඩායමේ සාමාජිකයෙකු වූ නෙස්ටර් කාටර් තහනම් උත්තේජක ලබාගෙන සිටි බවට මුත‍්‍රා සහ රුධිර පරීක්ෂණවලින් තහවුරු වීම ඊට හේතු වී තිබෙනවා.

මෙම තීරණයත් සමග එම තරගය සඳහා එක් වූ ජමෙයිකා කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගේද පදක්කම් අහිමි වෙනු ඇති.

නෙස්ටර් කාටර් මීටර් 100 ඉසව්වෙන් ලෝක ඉතිහාසයේ 6වන වේගවත්ම ක‍්‍රීඩකයා ද වීම විශේෂත්වයක්.

3980 NESTA-rex-large_trans_NvBQzQNjv4BqnQSfWb85vljghMlIYmeE7Ws8xKSSYuA_PIr1DMCBqRM