Thursday, April 25, 2024

General line - 0115112241

ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අභිනව තෙමහල් ගිලන් ගොඩනැගිල්ලට මුල්ගල තබයි




බක්කුල මහා සෑය ඉදිවන හොරණ සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අභිනව තෙමහල් ගිලන් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද (26) උදෑසන සිදු වුණා.

නෙත් එෆ් එම් නාලිකාවේ සහභාගීත්වයෙන් සහ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වන්සේගේ අනුසාසකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙනවා.

එළඹෙන වෙසක් පොහොය කේන්ද්‍ර කරගෙන බක්කුල මහා සෑය ඉදිවන හොරණ සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ ගිලන් කුටි 100 කින් සමන්විතයි.

අභිනව ගොඩනැගිල්ල සඳහා මුලගල තැබීමේ අවස්ථාවට නෙත් එෆ් එම් නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මෙම සත්කාරය සඳහා ඔබටත් දායකත්වය ලබා දිය හැකියි. ඒ පිළිබඳ වැඩි විස්ථර 0718 67 10 86 යන දුරකතන අංකය වෙත ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකියි.

20170126_071452 20170126_075000unnamed (1) unnamed (2) unnamed (3) unnamed20170126_075554 20170126_075805 20170126_075809 20170126_084148