Friday, March 29, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ සමගි සන්ධානය අසාර්ථකයි




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර සමගි සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු අසාර්ථක වෙමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්‍ෂය කුමන කි‍්‍රයාමාර්ග අනුගමනය කළද එය ගැටලූවක් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්ද විමසීමක් කළා.

ඔහු පැවසුවේ ජනතාව පීඩාවට පත් කරන පිරිසක් සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.