Saturday, April 20, 2024

General line - 0115112241

උත්සාහය ඇතත් වරප්‍රසාද නැති දරුවන්ට ‘නෙත් නිවුස් යූ ආර් අ ලීඩර්’ සතුටු කඳුළු ගෙනා හැටි (PHOTOS)




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන පැවැත්වෙන්නේ නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනක් ලෙසයි.

එහෙත් අද (26) ගාල්ල හපුගල විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා ක්‍රිකට් උපකරණ පිරිනමමින් සමාජ සත්කාර වැඩසටහනක ද ‘නෙත් නිවුස් යූ ආර් අ ලීඩර්’ කණ්ඩායම නිරත වුණා.

මෙතෙක් පාසලට අඩුවක්ව පැවති ක්‍රිකට් උපකරණ ඔවුන්ට ලබාදෙනු ලැබුවේ අනාගත ක්‍රිකට් තරු ගාල්ල හපුගල විද්‍යාලයෙන් බිහිවීම පමණක් අරමුණු කරගෙන නොවේ.

වරප්‍රසාද ඇති පාසැල්වල දරුවන් සමග උරෙන් උර ගැටීමට ඔවුන්ට ද ශක්තිය ලබාදීමේ පරම අභිප්‍රාය ඇතිවයි.

නොසිතූ ලෙස තමන්ට ලැබුණු මේ ක්‍රිකට් උපකරණ දුටු පාසලේ දරුවන් මහත් සතුටකින් සිටිනු දක්නට ලැබුණා.

ඔවුන්ගේ එම සතුට තුළින් මතුවූ අනාගත අරමුණු ද ඒ මුහුණුවල දක්නට ලැබුණා.

ඒ,කවදා හෝ අභියෝගයක් එල්ල කරනු ලබන ක්‍රීඩකයන් වන ඒකායන අරමුණයි.

ඔවුන්ගේ අහිංසක අරමුණු යම් දිනෙක ඉටුවන්නේ ද එය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ ද අරමුණු ඉටුවීමක් වනු ඇති.

එම අවස්ථාවට නෙත් නිවුස් කළමනාකරු හේමන්ත කහවලගේ ද එක්ව සිටියා.

16142880_1819027958313798_214221903682683686_n 16174555_1819028244980436_6456759024240710677_n 16194890_10212051389066346_1384364860905078230_n 16195286_1819029911646936_8359602124702571610_n 16195921_1819027948313799_3473674815530513896_n 16265398_1819027521647175_3624178636948265750_n 16265475_10212051390786389_5309147085699541854_n 16266202_1819028268313767_2510078704692938171_n 16298691_10212051389826365_7151115000350079409_n

ගාල්ල හපුගල විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම සංකේතවත් කරමින් එම විද්‍යාලයීය කණ්ඩායමක් සහ නෙත් එෆ් එම් කණ්ඩායමක් අතර ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් ද අද පැවැත්වුණා.

 

16142820_10212051389986369_1490553032376404445_n16265459_10212051388866341_7550385201160241249_n

මේ අතර නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් මීළඟ නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ දී හෙට (27)ආරම්භ වීමට නියමිතයි.