Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ලංකාවට




නිසි ප‍්‍රමිතියෙන් තොර ජෙට් A 1 ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 25000ක තොගයක් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති බව වාර්තා වනවා.

වැඩිදුරටත් කළ සොයා බැලීමේදී හෙළි වුණේ අදාළ ඉන්ධන තොගය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සිදුකළ පරීක්‍ෂණවලදී ඒවා ප‍්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇති බවයි.

අදාළ ඉන්ධන තොගය ආනයනය කර ඇත්තේ සිංගප්පූරුවේ පෙට්ට්‍රෝ චයිනා නමැති සමාගමකින්.

මෙම තොරතුර සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතාගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ මීට පෙර කිසිදු අවස්ථාවක මෙවැනි මිළදී ගැනීමක් සිදුවී නොමැති බවයි.

ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ අදාළ ඉන්ධන තොගය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බවයි.

කෙසේවෙතත් හිඟයකින් තොරව සැපයුම පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවද ඒ මහතා ප‍්‍රකාශ කළා.