Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය අද නුගේගොඩින් පෙරළිය අරඹයි




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන පෙරළියක ඇරඹුමක ජන රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී අද පැවැත්වෙනවා.

පස්වරු 2 යි 30ට පමණ එය ආරම්භ වීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහබැංකු වංචාව, අධික බදු බර, රට විජාතිකකරණයට එරෙහිවත් යන කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම රැළිය සංවිධාන කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම රැළිය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සදහන් කළා.

මෙම රැළිය සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයට සංවර්ධනයෙන් උත්තර දීමට සූදානම් බවයි.

ඔහු මෙම අදහස් පල කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.