Saturday, April 20, 2024

General line - 0115112241

බැඳුම්කර ගනුදෙනුවේ පාඩු ගැන නිදහස් පක්ෂයෙන් තවත් අනාවරණයක්




බැදුම්කර ගනුදෙනුව හේතුවෙන් මෙරට බැංකු පොලී අනුපාතය ද ඉහළ ගොස් ඇතැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මේ හේතුවෙන් රටට අහිතකර ප්‍රතිඵල රැසක් ලැඛෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. බැඳුම්කර වංචාවන්ට සම්බන්ධ වූවන්ට ගැලවෙන්න නොදෙන බවයි ඔහු පැවසුවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඊයේ අදහස් පල කළා.

එහිදි ඔහු පැවසුවේ බලයට පත් වහාම මෙම වංචාවන්ට සම්බන්ධ වූවන් අතඅඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.විධායක ජනාධිපතිවරයා අභිබවමින් මුදල් අමාත්‍යවරයා කටයුතු කරමින් ඇති බවද ඔහු පැවසීය

ඔහු මේ බව සදහන් කළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.