Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයට




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ දී අද ආරම්භ වනවා.

දින 04 ක් පුරා එය පැවැත්වීමට නියමිතයි.

තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය අකුරැස්ස අධ්‍යාපන කලාපයේ මාලිම්බඩ අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටා තිබෙනවා.අද තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය ලෙස හැඳිනවූවත් මුලින් මෙය හඳුන්වා අැත්තේ හාවාකැටිය විද්‍යාලය ලෙසයි.1905 වසරේ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය ආරම්භ කොට තිබෙනවා.ආරම්භක සිසු සිසුවියන් සංඛ්‍යාව 5ක්.අද එහි සිසු සිසුවියන් 3000 ආසන්න ප්‍රමාණයක් ඉගනුම ලබනවා.තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය විවිධ අංශ වලින් ජාතික මට්ටමේ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක්ද හිමිකරගත් පාසලකි.

අද ආරම්භ වන්නේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දහතුන් වැන්නයි.