Thursday, April 25, 2024

General line - 0115112241

ජනරජ දිනයේදී ඉන්දියාව පරාද වෙයි




එංගලන්තය සමග පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ඊයේ රාත්‍රියේ පරාජයට පත්වුණා.

ඒ, කඩුලූ 07කින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට නියමිත පන්දුවාර විස්සේ දී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

මහේන්ද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 36 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොයින් අලි ලකුණු 21කට කඩුලූ 02යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලූ 03 ක් පමණක් දැවී තිබිය දී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. නායක ඉයන් මෝගන් හයේ පහර හතරක් සමග වේගවත් ලකුණු 51 ක් රැස් කළා.

ඉන්දියාව මෙම පරාජය ලැබුවේ එරට 68 වන ජනරජ දිනය යෙදී තිබූ ඊයේ දිනයේ වීම ද විශේෂත්වයක්.
තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ඛාන්පූර්හිදීයි.