Wednesday, April 24, 2024

General line - 0115112241

බදුල්ල නිසා රටටම ටැබ් ලැබෙන හැටි හරීන් හෙළිකරයි




තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ අලුත් පිටුවක් පෙරළීම සඳහා නගර බද පාසල්වල මෙන්ම ග්‍රාමීය මට්ටමේ පහසුකම් අඩු පාසල් ද එකතු කර ගනිමින් දරුවන්ගේ නව තොරතුරු තාක්ෂණික අධ්‍යාපන මට්ටම ඉහළ නංවාලීය යුතු බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. බණ්ඩාරවෙල වීශාඛා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ බදුල්ල වීශාඛා විද්‍යාලයේ ජීව විද්‍යා පන්තියට පරිගණක යන්ත්‍ර කිහිපයක් ලබා දෙමින් Microsoft ආයතනය සමග එකව ආරම්භ කළ පරික්ෂණාත්මක වැඩසටහනේ  ප්‍රගතිය අග්‍රාමාත්‍යවරයාට පෙන්වූ පසු අග්‍රාමාත්‍යවරයාගේ නියෝගය සහ අනුදැනුම මත මුළු රටපුරා සිටින උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 175.000 සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීමට තීරණය කල බවයි.

ඉන් අනතුරුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තවත් පරිගණක විද්‍යාගාරයක් විවෘත කිරීමට සහභාගී වූ අමාත්‍යවරයා සඳහන් කළේ තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් පාසල් දරුවන් පමණක් නොව දෙමාපියන්,ගුරුවරුන් සහ වැඩිහිටියන් ද අවබෝධයක් ලබා ගතයුතු බවයි.

ලෝකයේ සැම රටක්ම තොරතුරු තාක්ෂණික විෂය ඔස්සේ පුළුල් රැකියා වෙළදපොළක් නිර්මාණය කරගෙන ඇති බවත්, එවැනි පුළුල් වෙළදපොළක අවශතාවය ශ්‍රී ලංකාව තුල ඇති බවත් ඊට ආදාල දැනුම පාසල් අවධියේ සිටම ලබා දෙමින් මෙම තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට යොමු කිරීම තුලින් නුදුරු අනාගතයේ ලෝකයේ ප්‍රබල රටවල් සමග දැනුමෙන් සහ තාක්ෂණයෙන් තරග කළ හැකිබව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

harin (1) harin (2) harin (3) harin (4) harin (5) harin (6) harin (7) harin (8) harin (9) harin (10) harin (11) harin (12)