Tuesday, April 16, 2024

General line - 0115112241

ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්




තුර්කියේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරාපත් වූ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කුමන්ත‍්‍රණකාරී පිරිසක් උත්සාහ දරන බවයි.

ඇති වූ තත්ත්වයට තුර්කි හමුදාව තුළ සිටින සුළු පිරිසක් පමණක් සම්බන්ධ වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවත් තුර්කි ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර තුර්කියේ ඇති වි තිබෙන ගැටළුකාරී තත්ත්වයෙන් එහි සිටින ශී‍්‍ර ලාංකිකයන් කිසිවෙකුටත් හිරිහැරයක් සිදුව ඇති බව මෙතෙක් වාර්තා නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ තුර්කියේ අන්කාරා නගරයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සියලූ තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවයි.

තුර්කියේ සිටින ශී‍්‍ර ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 00 90 53 40 102 105 යන දුරකථන අංකය ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.

13726592_620745681422848_6494822726774560395_n 13729064_620745768089506_9142739740532114876_n 13754190_620745694756180_1407031033024083683_n 13754285_620745714756178_722690369483711788_n