Tuesday, November 19, 2019
Hotline - 0770586666

බැඳුම්කර ගනුදෙනුව ගැන සොයන ජනපති කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

8007Views


මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරිමට අදාළ ජනපති පරීක්ෂණ කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම අද (27) සිදු කෙරුණා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රී චිත‍්‍රසිරි සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන ඒ සඳහා පත් කර තිබෙනවා.

එමෙන්ම විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේද එහි සාමාජිකයෙකු ලෙස පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසූවේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් කර තිබෙනවා.