Friday, April 19, 2024

General line - 0115112241

උදයංග වීරතුංග ගැන හෝඩුවාවක්




යුක්රේනයේ හිටපු ශ‍්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග නැමැත්තා මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජීවත් වන බවට කරුණු වාර්තාවන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ අද (27) කියා සිටියා.

ඒ, ඔහුට එරෙහිව ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදියි.

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනිම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තුද නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු පදිංචිව සිටින ස්ථානය මෙතෙක් තහවුරු වී නොමැති බවයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදි ගැනීමේදි මුල්‍ය අක‍්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් උදයංග විරතුංගට චෝදනා එල්ල වනවා.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුවට අදාළ මුල් ලේඛනය අතුරුදන් වී ඇති බවත් එය සෙවීමට ගුවන් හමුදාව විමර්ශනයක් සිදු කෙරෙන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.