Wednesday, April 24, 2024

General line - 0115112241

එක්දින තරග ජය ලංකාවට




එංගලන්තයේ සංචාරයක නිරත ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම එක්දින ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ඊයේ (15)සමත් වුණා.

එ් ඩර්බිෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට එරෙහිවයි.

ධනංජය ද සිල්වා මෙහිදී ශතකයක් වාර්තා කළ අතර ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම මෙම තරගය කඩුලූ 7කින් ජය ගත්තා.

ඩර්බි හි පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 43කට සීමා වුණා.

දිවා රාත්‍රී  තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩර්බිෂයර් කණ්ඩායම නියමිත පන්දුවාර 43 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 281ක් රැස් කිරීමට සමත් වුණා.

බෙන් ස්ලේටර් ලකුණු 124ක් එහිදී ලබා ගත්තා.

ලකුණු 281ක ඉලක්කයක් හඹායාම සඳහා ශී‍්‍ර ලංකා එ් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වායි.

සාර්ථක ආරම්භයක් ලබාදුන් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 161ක සබඳතාවක් ගොඩනැගුවා.

වේගවත් පිතිහරඹයක නිරක වූ ධනංජයද සිල්වා පන්දු 81කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 124ක්.

පන්දු 70කින් ඔහු ශතකය වාර්තා කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 17ක් ඇතුළත් වුණා.

නිරෝෂන් දික්වැල්ල පන්දු 47කදී ලකුණු 67ක් ද භානුක රාජපක්ෂ පන්දු 28කදී හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණුු 48ක් ද එහිදී රැස් කළා.

එ් අනුව පන්දුවාර 32.2කදී කඩුලූ 3ක් පමණක් දැවී ජයග‍්‍රාහී සීමාව පසු කර යාමට ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම සමත් වුණා.