Thursday, April 25, 2024

General line - 0115112241

හෙළ උරුමයේ ප්‍රශ්නයක් හමුවේ රතන හිමි නිහඬ වෙයි




තම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය කළ ප‍්‍රකාශය පිළිබඳ කිසිවක් සඳහන් නොකරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ පිළිබඳ කතා කිරීම අනවශ්‍ය ක‍්‍රියාවක් බවයි.

පක්ෂ මධ්‍යම කාරක සභාවේ තවදුරටත් කටයුතු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ මන්ත‍්‍රීධුරය පිළිබඳ කුමන තීරණයක් ගන්නේදැයි කඩිනමින් දැනුම් දෙන ලෙස ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

කොළඹ ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ සම සභාපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කියා සිටියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන්නේ නම් හෙළ උරුමයෙන් ඉවත් වන බවට උන්වහන්සේ පක්ෂයට පොරොන්දුවක් ලබා දි තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් කළ විමසිමකදී උන්වහන්සේ මේ බව කියා සිටියා.
ඉදිරියේදී තම මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් සහ පැන නැගි ඇති කරුණු පිළිබඳ පූර්ණ ප‍්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩි දුරටත් සඳහන් කළා.