Thursday, April 25, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් අවසන් දිනය අද (UPDATE)




මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුරේ අද (29) අවසන් දිනයයි.

ඊයේ (28) දිනය නිමාවට පත්වූයේ රාත‍්‍රී ගිනි මැල සංදර්ශනයකින්.

(ඒ පිළිබඳ සැකසූ විශේෂ වාර්තාවක් පහතින් දැක්වෙයි)

මේ අතර පාසලේ ගුරුවරුන් සහ ඉහළ ශ්‍රේණිවල දරු දැරියන් වෙනුවෙන් සංවිධාන කෙරෙන විශේෂ දේශනයක් හෙට (30) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

 


නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේදී දෙමව්පියන්ටත් විශේෂ දේශණ දෙකක්

( Jan 28, 2017 @ 19:10)

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන මේ වනවිට ද මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ දී සාර්ථකව පැවැත්වෙනවා.

අද දවස පුරා තෝරා ගත් දරු දැරියන් සිය දෙනෙකු සඳහා විවිධ න්‍යායික සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සිදු කෙරුණා.

මෙම වැඩසටහන යටතේ දෙමාපියන් සඳහා ද විශේෂ දේශන දෙකක් පැවැත්වුණේ අද (28) පස්වරුවේයි. ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දරුවන්ගේ දෙමව්පියන් ඊට එක්ව සිටියා.

නෙත් එෆ්. එම්. ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය එහිදී මෙලෙස අදහස් දැක්වූවා.

එම වැඩසටහනට එක් වූ දෙමාපියන් නෙත් නිවුස් වෙත සිය අදහස් පල කළේ මෙලෙසින්.

මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ දී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන හෙට (29) දිනයේ ද පැවැත්වෙනවා.


නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ දෙවන දිනය අදයි

Jan 28, 2017 @ 14:26

මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අදයි.

තෝරා ගත් දරු දැරියන් සිය දෙනෙකු සඳහා වන දෙදින නේවාසික කඳවුරද අද (28) උදෑසන ආරම්භ වුණා. පළමුව පැවැත්වුණේත මාපිය වන්දනා වැඩසටහනයි.

මෙම වැඩසටහන යටතේ දෙමාපියන් සඳහා පැවැත්වෙන විශේෂ දේශණ දෙකක් අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර වැලිමඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකාය මගින් සංවිධාන කරන එස්කෝ 2017 අධ්‍යාපනික ප‍්‍රදර්ශනය අද උදෑසන ආරම්භ වුණා.

සිසුන්ගේ නිර්මාණ හැකියාවන් එළිදැක්වීමේ අරමුණින් සංවිධාන කෙරුණු මෙම ප‍්‍රදර්ශනය දින 3ක් පුරා පැවැත්වෙනවා.

DSC_0013 DSC_0051 DSC_0097 DSC_0130 DSC_0175 DSC_0191 DSC_0207 DSC_0240