Friday, April 19, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකානු වේග පන්දු අභියෝගය හමුවේ කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්




දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග මේ වනවිට පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ දී කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් රැස්කර ගැනීමට සමත් වී සිටිනවා.

පන්දු 74ක දී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර නවයක් ඇතුළත්. එය කුසල් මෙන්ඩිස්ගේ අටවන එක්දින අර්ධ ශතකයයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 62ක් රැස් කළා. ශ‍්‍රී ලංකා ඉණිමේ තුන්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවී ගියා. පන්දු 55 ක් තුළ ඔහුට අද රැස් කරගත හැකි වූයේ ලකුණු 22 ක් පමණයි.

චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් අතර තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවක් ගොඩනැගුණා. පන්දු යැවීමේ දී වේන් පනෙල් කඩුලු දෙකක් දවාගත් අතර ඉම්රාන් ටහීර් අනෙක් කඩුල්ල දවා ගත්තා.

මේ වනවිට නොදැවී පන්දුවට පහරදෙන ධනංජය ද සිල්වා ලකුණු 9ක් සහ අසේල ගුණරත්න එක් ලකුණු 5ක් රැස්කරගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.