Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්ධන ප‍්‍රවාහනය කරන නලයක කාන්දුවක්




කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන ප‍්‍රවාහනය කරන නලයක අද (28) කාන්දුවක් ඇති වුණා.

ඉන්ධන ගෙන යන නල හතරෙන් එක් නලයක කාන්දුව හටගෙන ඇති බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අදහස් පල කළා.

වරාය තුළදීම අදාළ නලයේ කාන්දුව හටගෙන තිබූ අතර මුහුදු ජලය හා තෙල් මිශ‍්‍රවීම වැළැක්වීමට ද පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ මේ වනවිට නලයේ තෙල් කාන්දුව සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.