Friday, April 19, 2024

General line - 0115112241

ටී.එන්.ඒ මන්ත‍්‍රී සුමන්තිරන් ඝාතන තැතක් හෙළි වෙයි




දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු කිලිනොච්චි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා යාපනය සහ ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වන බවට තහවුරු කරගෙන ඇති බවද සඳහන්. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත‍්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය විසින්.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ මෙරට ආරක්ෂක අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය ද අද (28) වාර්තාකර තිබුණා.