Thursday, April 25, 2024

General line - 0115112241

කරුණා අම්මාන් LTTEයෙන් පැන්න හේතුව සරත් ෆොන්සේකා කියයි




යුද අපරාධ සිදු කළ පුද්ගලයින් සිටී නම් නිලතල හෝ තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ලොව දක්ෂතම හමුදාවක වුව ද එවැනි කිහිප දෙනෙකු හෝ සිටිය හැකි බවයි.

අමාත්‍ය සරත් ෆොන්සේකා ඊයේ (28) පස්වරුවේ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ ඔහු නුගේගොඩ ඉකුත්දා පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙම රැළිය ඇමතීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ “කරුණා අම්මාන් කියන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ රැඳෙන්න බැරිව..එතනදීත් දූෂිත ගණුදෙනුවලට හසු වෙලා..ප්‍රභාකරන්ගෙන් ජීවිතය බේරගන්න පැනපු මිනිහෙක්. ප්‍රභාකරන් එක්ක එකට ජීවත් වුණු මිහිහෙක් හැටියට ඔය මිනිහා ප්‍රභාකරන්ගේ ගෙදර තිබිච්ච තැනවත් අපිට කියලා තිබුණෙ නැහැ. අපේ හමුදාව තමයි පුදුකුඩිඉරිප්පුවලින් ගෙදර හොයා ගත්තේ. එයාව වීරයෙක් කලේ මහින්ද රාජපක්ෂ.” යනුවෙනි.