Friday, April 26, 2024

General line - 0115112241

ලොක්කෝ අසාර්ථක වෙද්දී පොඩ්ඩෝ ශූරයන් වෙයි




දකුණු අප‍්‍රිකාව හමුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (28) පරාජය වුවද දකුණු අප‍්‍රිකාවේම සංචාරයක නිරත ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම විශිෂ්ට ජයග‍්‍රහණයක් වාර්තා කළා.

ඒ, දකුණු අප‍්‍රිකාවේ පැවති තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනිමින්.

දකුණු අප‍්‍රිකාව, ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් මෙම තරගාවලියට එක්වුණා. අවසන් මහා තරගය පැවැත්වුණේ දකුණු අප‍්‍රිකාව සහ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතරයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 156 ක් රැස් කළා. දකුණු අප‍්‍රිකානු යොවුන් කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 79 ක් පමණයි.

පන්දු යැවීමේ දී නිපුන් රන්සික ලකුණු 19 කට කඩුලු 05ක් බිඳ හෙළුවා. තරගාවලිය පුරා කඩුලු 17 ක් බිඳ හෙළු ඔහු අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනා ගත්තා.