Friday, April 19, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ නියෝගය අධිකරණයක් අත්හිටුවයි




මුස්ලිම් රටවල් 07 ක සංක්‍රමණිකයන් අමේරිකාවට ඇතුලුවීමේදී රඳවා ගැනීමෙට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය එරට අධිකරණයක් මගින් අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝග හේතුවෙන් එලෙස පැමිණි සංක්‍රමණිකයන් රැසක් ඇමරිකානු ගුවන් තොටුපලවල රඳවාගෙන සිටිනවා.

ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇමරිකානු සිවිල් සංවිධාන උද්ඝෝෂණ සිදුකිරීම් හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්.කෙනඩි ගුවන් තොටුපල ඇතුලු  ඇමරිකානු ගුවන් තොටුපලවල දක්නට ලැබෙන්නේ උණුසුම් තත්ත්වයක්.

29doorcloses-slide-6F8Z-videoSixteenByNineJumbo1600-v2