Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රසන්න නුගේගොඩ වේදිකාවෙන් බැස ගිය හේතුව හෙළිවෙයි




ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩ දී ඉකුත් දා පැවැත් වූ ‘‘පෙරළියක ඇරඹුම’’ විරෝධතා රැළියේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග වේදිකාවෙන් බැසගොස් තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට වේදිකාවේ ආසන පනවා නොතිබීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාළ පළාත් පාලන නියෝජිතයින්ට වේදිකාවේ අසුන් ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහෙත් ඔවුන් ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා වේදිකාවෙන් බැස ගොස් පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග වේදිකාව ඉදිරිපිට සිට රැළියට සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.