Saturday, April 20, 2024

General line - 0115112241

වසර 4කට පසු ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ වෙනසක්




වසර 4කට පසු ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ කැපී පෙනෙන වෙනසක් හෙට (30) සිදුවනවා.

ඒ නිත්‍ය නායක ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝර්නර් සහ ජෝර්ජ් බෙයිලි යන අත්දැකීම් බහුල කී‍්‍රඩකයින් නොමැතිව ඕස්ටේ‍්‍රලියාව පළමු වරට එක්දින තරගයකට සහභාගිවීමයි.

මීට පෙර මෙවැනි වෙනස්කමක් සිදුව තිබුණේ 2013 වසරේ පෙබරවාරි මාසයේ පැවති බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායමට එරෙහි එක්දින තරගයකදීයි.

හෙට මෙම තරගය පැවැත්වෙන්නේ සත්කාරක නවසීලන්තය සමගයි. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ කඩුලු රකින කී‍්‍රඩක මැතිව් වේඩ්ටයි.

ඕස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමට නායකත්වය ලබාදෙන 3 වන කඩුලු රකින්නා වන්නේද ඔහුයි.