Friday, March 29, 2024

General line - 0115112241

ලංකාවට ඇඟිල්ල දිගුකළ 4 ක්‌ ට්‍රම්ප් එළවයි




අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනෙකුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉවත් කර ඇති බව වාර්තාවනවා.

මොවුන් සිව්දෙනා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟමින් මානව හිමිකම් සමුළුවට ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ අය වීම විශේෂත්වයක්.

නව රාජ්‍ය ලේකම් ලෙස රෙක්‌ස්‌ මිලර්සන් පත්වීම සහ මෙම නිලධාරීන් සිවුදෙනා ඉවත් කිරීම නිසා දෙමළ ඩයස්‌පෝරාව දැඩි කැළඹීමට ලක්‌වී තිබෙන බවයි පැවසෙන්නේ.

ජිනීවා යෝජනාව කෙටුම්පත් කිරීමට මුල් වූ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ද එම යෝජනාව ඉදිරියට ගෙන යැම ගැන මෙතෙක්‌ ප්‍රකාශ කර නැහැ.

මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තිබූ සිය බලය බිඳවැටීම නිසා දෙමළ ඩයස්‌පෝරාව කඩිමුඩියේ ටැමිල්ස්‌ ෆෝ ට්‍රම්ප් නමින් සංවිධානයක්‌ ස්‌ථාපිත කර ඇති බවත් වාර්තාවෙනවා.

දිවයින ඇසුරෙන් (2017-01-29)