Saturday, April 20, 2024

General line - 0115112241

ලක්ෂ විස්සක ගජමුතු අලෙවි කිරීමට තැත් කළ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්




ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ විස්සකට අලෙවි කිරිමට රැගෙන එමින් සිටියදි ගල්කිරියාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයින් දෙදෙනා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කැකිරාව වැඩබලන මහේස්ත‍්‍රාත් ඒ. සෝමරත්නගේ නියෝගයකට අනුවයි.

රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් විසිහත් වන වියේ පසුවන අනුරාධපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

ගල්කිරියාගම පොලීසියට ලද තොරතුරක් මත ඔවුන් ඊයේ (28)පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ අඹගස්වැව ප‍්‍රදේශයේදීයි.

ඒ අදාළ ගජමුතු අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයි.