Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු පරාජයට හේතු කියයි (VIDEO)




දකුණු අපි‍්‍රකාව සමග පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගය සඳහා නවක කී‍්‍රඩක සඳුන් වීරක්කොඩි ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප‍්‍රනාන්දු හේතු පැහැදිලි කළා. ඒ ඊයේ (28) තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීයි.

සිය මංගල එක්දින තරගයට ඊයේ එක් වූ සඳුන් වීරක්කොඩි දකුණු අපි‍්‍රකාවට පැමිණියේ තරගයට පෙර දින පස්වරුවේයි. ඔහු සමග චතුරංග ද සිල්වා සහ ලහිරු මධුසංක ද තරගයට පෙර දින පස්වරුවේ දකුණු අපි‍්‍රකාවට පැමිණි බවයි රංජිත් ප‍්‍රනාන්දු සඳහන් කළේ.

දකුණු අපි‍්‍රකාවේ කිසිදු පුහුණූවක් නොමැතිව සඳුන් වීරක්කොඩි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමනාකරුගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා.

ඊයේ තරගයේදී සඳුන් වීරක්කොඩි ලකුණු 5කට දැවී ගිය අතර ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ගැනීමට හේතු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමනාකරු මෙලෙස පැහැදිලි කළා.

තරග 5 කින් සමන්විත මෙම එක්දින කි‍්‍රකට් තරගාවලියේ එකට බින්දුවක් ලෙස දකුණු අපි‍්‍රකාව මේ වනවිට පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලබන පෙබරවාරි මස පළමු වැනිදා ඩර්බන්හිදි පැවැත්වීමට නියමිතයි.