Saturday, April 20, 2024

General line - 0115112241

මහින්දගේ පරාජය පිටුපස සිටි 10ක් ගැන අනාවරණයක්




මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී පරාජයට පත් කිරීමට දායක වූ පිරිසක් පිළිබඳ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර අද (29) අනාවරයක් සිදු කළා.ඒ හබරාදූව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදීයි.

“ගම්පහ දිස්ත්‍රික්කයේ අපි අහනවා, බැසිල් රාජපක්ෂ මැතිතුමා නායකත්වය දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. අතු පාරක් පවා කාපට් කළා. එහෙම කාපට් කරලා, එහෙම වැඩිදියුණු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුමය ලියලා දුන්න ගම්පහ දිස්‍ත්‍රික්කය පැරැද්දුවේ කවුද? ගම්පහ දිස්ත්‍රික්කයට නායකත්වය දුන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාලා. ඒ වගේම ප්‍රසන්න රණතුංග මැතිතුමා එදා මහ ඇමති. ඒ අය තමයි ගම්පහ දිස්ත්‍රික්කය පැරදුවේ ඉන්දියාවෙන් ඇවිල්ලා නෙමෙයි. කොළඹ දිස්ත්‍රික්කය පැරැද්දුවේ කවුද? විමල් වීරවංශ මහත්තයයි , දිනේෂ් ගුණවර්ධන මහත්තයයි, උදය ගම්මන්පිල මහත්තයයි, ගාමිණී ලොකුගේ මහත්තයා මේ කට්ටිය එකතුවෙලා කොළඹ පැරැද්දුවා. කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයයි , මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයයි, රත්වත්තේ සහෝදරයයි, දිලුම් සහෝදරයයි ඒ කට්ටිය එකතුවෙලා මහනුවර පැරැද්දුවා. මේ දිස්ත්‍රික්ක තුන දිනුවනම් , මහින්ද මහත්තයා දිනන් නැද්ද ? ඒ නිසා කුමන්ත්‍රණය කොහෙන්වත් නෙමෙයි ආවේ. ඒ නිසා මේකේ ඇතුලේ ඉන්න අය තමයි මහින්ද මහත්තයා පැරැද්දුවේ”.

මෙම අවස්ථාවට අමාත්‍ය චන්දිම වීරක්කොඩිද එක්ව සිටියා.

“මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවෙලා අපි කිවුවා පක්ෂයේ නායකකම තියාගෙන ඉන්න අපි ඔබතුමත් එක්ක ඉන්නවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට කතාකරලා අපිට කිවුවා මට පක්ෂය භාරදෙන්න ඕනේ මෛතිපාල ජනාධිපතිතුමාට. එතුමා හමුවෙන්න වහාම වෙලාවක් අද දවසේ අරන් දෙන්න කියලා. එතන සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා හිටියා, අනුර යාපා ඇමතිතුමා හිටියා , මහින්ද අමරවීර ඇමතිතුමා හිටියා , ඩිලාන් පෙරේරා ඇමතිතුමා හිටියා , ලසන්ත අලගියවන්න ඇමතිතුමා හිටියා , මමත් හිටියා. ජනාධිපතිතුමා කිවුවා කමක්නැහැ මම එහෙනම් 9.30ට කියන තැනකට එන්නම් කියලා. එතුමා කිවුවේ නැහැ මං ගාවට එන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා එළියට ඇවිල්ලා කිවුවා මම මෛත්‍රීට පක්ෂය භාරදුන්නා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමට කිවුවේ මෛත්‍රී දැන් ඔයා පක්ෂයේ නායකයා ඔයාට කැමති නිලධාරී මණ්ඩලයක් පත්කරගෙන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව වර්ධනය කරන්න කියලා අපි ඉදිරියේ”.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අභියෝග පැමිණී සෑම අවස්ථාවකම සියලුදෙනා පක්ෂය සමග රැඳී සිටි බවයි අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ.

01 (1) 01 (2) 01 (3) 01 (4) 01 (5) 01 (6) 01 (7) 01 (8) 01 (9) 01 (10)