Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දීය කණ්ඩායම කළු පටි සමග පිටියට




ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වන රාජේෂ් සවන්ත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ඔහුගේ මළ සිරුර මුම්බායි නුවර හෝටලයක තිබී සොයාගෙන ඇති බවයි.

එහි නවාතැන් ගෙන සිටි ඔහු හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ඉන්දීය යොවුන් කණ්ඩායමේ පුහුණුකරු රාජේෂ් සවන්ත් මුම්බායි නුවරට පැමිණ ඇත්තේ එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියක් සඳහා ඉන්දීය යොවුන් පිල පුහුණුකිරීම සඳහායි.

එම පුහුණූ සැසිය සඳහා රාජේෂ් සවන්ත් නොපැමිණිමත් සමග ඒ පිළිබඳ සොයා බැලීමේදී ඔහුගේ මළ සිරුර හෝටල් කාමරයේ තිබී සොයා ගැනුනා.

ඉන්දීය යොවුන් ක්‍රිකට් පිලේ පුහුණුකරුගේ අභාවයට ශෝකය පලකරමින් එංගලන්තය සමග දැන් පැවැත්වෙන පන්දුවාර විස්ස තරගයට ඉන්දීය කණ්ඩායම එක්ව සිටින්නේ කළු පටි පැළඳයි.

rajesh_bcci__large rajeshsawant2901 rajesh-sawant-pti_806x605_71485675132 sawant-759

16395664_10212080560555615_1438666163_n

258515.3 258517.3