Saturday, April 20, 2024

General line - 0115112241

ජාත්‍යන්තර විරෝධය හා උද්ඝෝෂණ නිසා අමෙරිකාව උණුසුම්




සංක‍්‍රමණිකයින් සම්බන්ධයෙන් අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව තවදුරටත් රටපුරා විරෝධතා පැවැත්වෙනවා.

ධවල මන්දිරය අසළ සහ නිව්යෝර්ක් නුවර ද මෙලෙස විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් සැලකිය යුතු පිරිසක් ගුවන් තොටුපල අසළ ද විරෝධතාවල නිරත වනවා.

මේ අතර අමෙරිකානු ගුවන් තොටුපල කිහිපයක රඳවාගෙන සිටින සංක‍්‍රමණිකයින් හෝ වීසා බලපත් සහිත පුද්ගලයින් පිටුවහල් කිරීමට ජනාධිපතිවරයා දුන් නියෝගයට රටවල් කිහිපයක් විරෝ්ධය පල කර ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.