Tuesday, April 23, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගැණුනු යුධ හමුදා සාමාජිකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (UPDATE)




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අද (16) අවසර ලබාදුන්නා.

ඒ අත්අඩංගුවට ගැණුනු සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව පැය 48ක කාලයක් සැකකරුගෙන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේ.

……………………………………………………………………..

ලසන්ත ඝාතනයට සැකපිට බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට(BREAKING NEWS)

Jul 16, 2016 @ 12:32

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රහස් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හමුදා සැරයන්වරයෙක් මෙලෙස අත්අඩංගුවට  ගත් බවයි.