Tuesday, April 16, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ සරණාගත තීන්දුව නිසා ඔලිම්පික් ධාවන ශූරයෙකු අසරණ වෙයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණික තහනම් නියෝගය හේතුවෙන් තමන් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඔලිම්පික් රන් පදක්කම්ලාභී බි‍්‍රතාන්‍ය ධාවන ශූර මෝ පාරාහ් (Mo Farah) පවසනවා.

ඔහු උපතින් සෝමාලියානු ජාතිකයෙක්. එහෙත් ඔහු දැනට ජීවත්වෙමින් ඔලිම්පික් තරග සඳහා එක්වන්නේ බි‍්‍රතාන්‍යය වෙනුවෙන්.

කෙසේ වෙතත් මෝ පාරාහ්ගේ පවුලේ සාමාජිකයින් මේ වනවිට ජීවත් වන්නේ අමෙරිකාවේයි. ඔහු පවසන්නේ තම දරුවන් මුණගැසීමට පැමිණීම පවා දැන් අවිනිශ්චිත වී ඇති බවයි.

ට‍්‍රම්ප්ගේ නියෝගයට ඇතුළත් රටවල් අතරට සෝමාලියාව ද ඇතුළත්. මෝ පාරාහ් යනු මීටර් පන්දහස සහ මීටර් දසදහස ධාවන ඉසව්වල වත්මන් ලෝක ශූරයායි.

ඉකුත් 2012 සහ 2016 ඔලිම්පික් තරගවලදී මෙම ඉසව්වලින් ඔහු රන් පදක්කම් හතරක් දිනා ගත්තා.

1 mo-farah---a mo-farah-wife-tania Mo-Farah-with-daughter-Rhianna-and-wife-Tania