Wednesday, April 24, 2024

General line - 0115112241

විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය අද ඇරඹේ




පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වනවා.

ලබන 12 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේදීයි. තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාව සහ බංග්ලාදේශයත්, නවසීලන්තය සහ පකිස්ථානයත් අද තරග වදිනවා.

ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම සහභාගී වන පළමු තරගය නවසීලන්තය සමග හෙට (31) පැවැත්වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගය පැවැත්වෙන්නේ ලබන 31වනදායි. තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 10 ක්.

සෑම රටක් සමගම ශ‍්‍රී ලංකා කණ්ඩායම ද මෙම තරගාවලියේ දී තරග වදිනවා.

ඉකුත් වර පැවති පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාවට හිමිවූයේ තුන්වන ස්ථානයයි.

හෙට පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය මෙලෙස අදහස් දැක්වූවා.

image-0-02-06-bbccee933767f8abac14be6ca0a89a3e0ba14079a4615733bf40be1e6fe1666c-V Team Pic