Thursday, April 25, 2024

General line - 0115112241

සෙරිනා විලියම්ස් ලොව හොඳම ක‍්‍රිඩිකාව වෙයි




අමෙරිකානු සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා සෙරිනා විලියම්ස් ලොව හොඳම ක‍්‍රීඩිකාව ලෙස බී බී සී ලෝකය සේවය විසින් නම් කර තිබෙනවා.

මේ වන විට තිස් පස් හැවිරිදි වියේ පසු වන සෙරීනා නිමා වූ ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවද දිනා ගත්තා.

බී බී සී ලෝක සේවය විසින් හොඳම කී‍්‍රඩිකාව තෝරා ගනු ලැබුවේ මනාප තරගයකින්.

ක‍්‍රීඩිකාවන් හත් දෙනෙකු ඒ සඳහා තරග වැදුණු අතර සෙරීනා විලියම්ස් ජය ගත්තේ සියයට 49ක මනාප ප‍්‍රතිශතයක් ලබා ගනිමින්.