Thursday, April 25, 2024

General line - 0115112241

තරග පාවාදීමක් දැයි සැකයක්




ප‍්‍රිමියර් ලිග් ක‍්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ කළුතර PTC කණ්ඩායම සහ පානදුර ක‍්‍රිඩා සමාජය අතර ඉකුත්දා පැවති තරගය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, එම තරගයේදී තරග පාවාදිමක් සිදුව ඇති බවට ලද පැමිණිලි අනුවයි.

මෙම තරගයේදී කළුතර PTC කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 390ක් රැස් කළා. ඊට පිළිතුරු වශයෙන් පානදුර ක‍්‍රීඩා සමාජය පළමු ඉණිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 423ක්. කළුතර PTC කණ්ඩායමේ දෙවන ඉණිම ලකුණු 197කට සීමා වුණා.

ඒ අනුව ජයග‍්‍රහණය සඳහා පානදුර ක‍්‍රීඩා සමාජයට හිමිවූ ඉලක්කය ලකුණු 165ක්. ඔවුන් එම ඉලක්කය පන්දුවාර 13යි පන්දු 04ක් අවසානයේ කඩුලු 07ක් පසුකර යාමට සමත් වුණා.

පැය භාගයක් තුළ ඔවුන් මෙම තරගය ජය වාර්තා කිරීම පිළිබඳව සැක මතුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම තරගයේදී පානදුර ක‍්‍රිඩා සමාජයේ පිතිකරුවන් පන්දු වාරයකට දළ ලකුණු වේගය 12කට වැඩියෙන් රඳවා ගෙන තිබෙනවා.

ඉදිරිපත්ව ඇති මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේදී දෙපිළේම නායකයන් සහ තරග කමිටුවේ නිලධාරීන්ද කැඳවා ප‍්‍රශ්න කරන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

Capture