Saturday, April 20, 2024

General line - 0115112241

සුනිල් ගවස්කාර් තැබූ කි‍්‍රකට් වාර්තාවක් බිඳ වැටේ




වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙස එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටෙයාර් කුක් වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි.

එම තරගයේදී එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 81ක් රැස් කිරීමට ඇලෙස්ටෙයාර් කුක් සමත් වුණා.

ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ටෙස්ට් ඉනිම් 219කදී මේ දක්වා රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 9630ක්.

ඇලෙස්ටෙයාර් කුක් බිඳ දැමුවේ ඉන්දීය ආරම්භ පිතිකරු සුනිල් ගවස්කාර් පිහිටුවා තිබූ වාර්තාවක්. ගවස්කාර් ආරම්භක පිතිකරුවෙකු ලෙස ටෙස්ට් ඉනිම් 203කදී ලකුණු 9607ක් රැස්කර තිබුණා.

13735500_10210101412278145_121154902_n (1)