Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිළෙන් ලෝක වාර්තාවක්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම ඊයේ සහභාගි වූ පළමු තරගයේදී වාර්තා රැසක් බිහිව තිබෙනවා.

එම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 214 ක ජයක් හිමිකරගත්තා.

ඒ, නවසීලන්ත දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 334 ක් රැස්කළ අතර රුවන් වසන්ත ලකුණු 170ක් ද සුරංග සම්පත් ලකුණු 146ක් ද නොදැවී එහිදී රැස් කරගනු ලැබුවා.

මෙම සම්බන්ධය පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වූ වැඩිම ලකුණු සබඳතාව ලෙස වාර්තා පොතට එක්ව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 334 පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉනිමක වාර්තා වු 3 වන වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.

16425336_10212106325159714_2126116016_n 16426427_10212106322959659_339863038_n 16467326_10212106325439721_1278265110_n