Friday, March 29, 2024

General line - 0115112241

විජිත රෝහණ විජයමුණිට ඇප




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජෝතිෂ්‍යවේදියෙකු බව කියන විජිත රෝහණ විජයමුණිට අද (1) ඇප ලබාදී තිබෙනවා.

සමාජ ජාල මාධ්‍ය හරහා අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා.

පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට ඇප ලබා දීමට කිසිවෙකු නොසිටි නිසා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.