Saturday, April 20, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ජනපතිකමින් කළ ප්‍රධාන මෙහෙයුමින් හතළිහක් මරුට




අමෙරිකානු කමාන්ඩෝ මෙහෙයුමකින් මධ්‍යම යේමනයේ දී අල්කයිඩා කැරලිකරුවන් හතළිස් දෙනෙකු මරා දමා ඇති බව යේමන බලධාරීන් පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව විසින් මෙහෙයවූ ප්‍රධානම ත්‍රස්ත විරෝධී මෙහෙයුම ලෙස මෙය හැඳින්වෙනවා.

මෙම ඇමරිකානු මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා කීපයක් ද යොදාගෙන තිබෙනවා.

මිනිත්තු හතළිස් පහක පමණ කාලයක් පුරා පැවති මෙම ගැටුමින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් තුන්දෙනෙකු මරුමුවට පත්වූ බව වාර්තා වනවා.

කෙසේ වෙතත් යේමනයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන්කළේ ඇමරිකානු හෙලිකොප්ටර් ප්‍රහාරයක් නිසා සාමාන්‍ය වැසියන් 16 දෙනෙකු සහ කැරලිකරුවන් හතළිස්එක් දෙනෙකු මරුමුවට පත් වී ඇති බවයි.