Friday, April 19, 2024

General line - 0115112241

ලෝක කුසලාන ගමනේ ශ්‍රී ලංකා පිළ තවත් දැවැන්ත ජයක් ලබයි




ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි 20 දෘශ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) ක්‍රීඩා කළ තරගයෙන්ද ලකුණු 130 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්වුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 ක් රැස්කළේ කඩුලු දෙකක් වැය කරමිනි.

ලකුණු 282 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළදි කඩුලු අටක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 151ක් පමණි.

ඊයේ පැවැති තරගයේදී ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු සුරංග සම්පත් අද දිනයේදීද නොදැවී වේගවත් ශතකයක් රැස්කිරීමට සමත්වුණා.

101 02 03 04 16425405_10212108018522047_126804247_n 16425575_10212108000121587_307213360_n 16425671_10212108001961633_1962063200_n 16426530_10212108001881631_421378412_n 16441233_10212108018362043_1914739258_n 16441651_10212108018282041_1658886359_n 16467110_10212107999601574_2054674897_n 16467332_10212108000081586_420499178_n16441249_10212107681553623_1945481409_n 16441423_10212107681073611_477969406_n 16466910_10212107681393619_1269741368_n