Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානුවන් ජය ලබයි (UPDATE)




ශ‍්‍රී ලංකාව සමග ඊයේ (01) පැවති එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 121 කින් ජයගැනීමට දකුණු අප‍්‍රිකාව සමත් වුණා.

මෙම තරගය පැවැත්වුණේ දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් හිදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව නියමිත පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 307ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් ශ‍්‍රී ලංකාව සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 186ක් පමණයි.

ෆෆ් ඩු ප්ලෙසිස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.


දකුණු අප්‍රිකානුවන්ගෙන් ලංකාවට ලොකු ඉලක්කයක් 

(Feb 1, 2017 @ 20:50)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 307 ක් ලබා ගත්තා.

 

Untitled02

 


ශ්‍රී ලංකා දඟ පන්දුවෙන් දකුණු අප්‍රිකා මුල්පෙල අසාර්ථක වෙයි

(Feb 1, 2017 @ 19:15)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය මේ වන විට ඩර්බන් හිදි පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප‍්‍රිකාවට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 162ක්  ලබා සිටියා.

 


ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය ඇරඹෙයි

(Feb 1, 2017 @ 16:45)

සත්කාරක දකුණු අප්‍රිකාව  සමග අද (01) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත්  ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගය පැවැත්වෙන්නේ ඩර්බන් හි කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේදීයි.

අද තරගයේදී උපුල් තරංග ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගයේදී ජෙෆ්රි වැන්ඩේසේ වෙනුවට සචිත් පතිරණ සහ සඳුන් වීරක්කොඩි වෙනුවට චතුරංගද සිල්වා කැඳවා තිබෙනවා.

16426626_10212107854277941_944685278_n