Tuesday, April 23, 2024

General line - 0115112241

ලියාපදිංචි අපරාධකරුවන් ලෙස තවත් පිරිසක් නම් කරන්න පොලිසිය තීරණය කරයි




ස්ත‍්‍රී දූෂණ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ලියාපදිංචි අපරාධකරුවන් ලෙස නම් කිරීමට අදාළව නව නීති ගෙන ඒමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ සඳහා අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ පළමුවන උපලේඛනය සංශෝධනය කිරීමටයි නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය තීරණය කර ඇත්තේ.

ලියාපදිංචි අපරාධකරුවන් ලෙස නම් කිරීමට හැකි තැනැත්තන් අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ පළමුවන උපලේඛනයේ සඳහන් වනවා.

ස්ත‍්‍රී දූෂණ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් දැනට ඊට ඇතුළත්ව නැහැ. මේ වන විට රට පුරා සිටින ලියාපදිංචි අපරාධකරුවන් සංඛ්‍යාව හතළිස් හත්දහසක්. ඉන් 960ක් කාන්තාවන් බවයි පොලිසිය පවසන්නේ.