Thursday, April 25, 2024

General line - 0115112241

එජාපය සහ ශ්‍රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක් අරඹයි




එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතාව ගොඩනැගිම සඳහා විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා පක්ෂ දෙකේම මහ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් 02 ක් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායම් සැම සති දෙකකටම වරක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. පක්ෂ දෙක අතර පැන නගින ගැටලු සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් අවධානයට යොමු කෙරෙනු ඇති.