Saturday, April 20, 2024

General line - 0115112241

“වත්මන් ආණ්ඩුව ගැනත් ඉදිරියේදී යම් යම් තීරණ ගන්නවා”




වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමේදී ජනතාව තැබූ විශ්වාසය කඩවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කුමන දේශපාලන මතයක් දැරුව ද ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එරාවුර් අලිහාර් ක‍්‍රීඩාංගණයේ ඊයේ (01) පස්වරුවේ පැවැත්වූ ජන හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.

මැතිවරණයකදී ජනතා කැමැත්තෙන් මිස ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

පැවති ආණ්ඩුවල මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද දූෂණ සහ වංචා පිළිබඳ චෝදනා විමසා බලා ජනතා මතය අනුව යම් යම් තීන්දුවලට එළඹීමට ඉදිරියේදී තමන්ට සිදුවනු ඇතැයි ද ජනාධිපතිවරයා කියා සිටියා.