Tuesday, April 16, 2024

General line - 0115112241

දින 07 ක් ජලය රඳවාගත් මොරගහකන්දේ හෙට අලුත් මෙහෙයුම අරඹයි (PHOTOS)




මොරගහකන්ද ජලාශයට මේ වන විට අක්කර අඩි පනස් හයදහසක් පමණ ජලය පිරී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න පවසනවා.

ජලාශයේ ස්වභාවය පිළිබඳ අධීක්ෂණය කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජනවාරි මස 11 වැනිදා මෙම මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම ආරම්භ කෙරුණා. ජලය පිරවීම එකවර සිදු නොකරන බවයි එහි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න පැවසුවේ.

ඒ අනුව දැනට පරීක්ෂණ මට්ටමේ රඳවා ඇති ජලය ප්‍රමාණය දින 07 ක් තබා ඇති බවත් සඳහන් කළා. ඒ අනුව හෙට (03) සිට යළි ජලය මට්ටම වැඩි කිරීමට කටයුතු කරනු ඇති. ඒ දක්වා වැඩිවෙන වතුර ප්‍රමාණය පහළ වැව් සඳහා නිකුත් කෙරෙනවා.

ඇලහැර ව්‍යාපෘතිය යටතේ වන කුඹුරු ඉඩම්වලට ජලය මුදාහැරීම ද ආරම්භයේ සිටම සිදු කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

16426560_452467278477271_736033611_n 16426587_452467181810614_334900303_n 16441268_452467211810611_908033722_n 16441287_452467275143938_1619060700_n 16441522_452467241810608_1839612763_n 16443555_452467185143947_668201965_n 16443700_452467188477280_611231756_n 16467190_452467261810606_1715940558_n