Thursday, March 28, 2024

General line - 0115112241

ප්‍රවීණ සිනමාවේදියෙකු නික්ම යයි




ප‍්‍රවීණ සිනමාවේදියෙකු වූ බැප්ටිස්ට් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 84ක්.

රංගන ශිල්පියෙකු ලෙස සිනමාවට පිවිසි බැප්ටිස්ට් ප‍්‍රනාන්දු මහතා තවත් ක්ෂේත‍්‍ර කිහිපයකින් සිනමාවේ කැපී පෙනුණා.

“පෙරකදෝරු බෑණා” බැප්ටිස්ට් ප‍්‍රනාන්දු රඟපෑ පළමු චිත‍්‍රපටයයි. අවිශ්වාසය, පුරුෂරත්නය, සිතක මහිම, සැපත සොයා, සත පනහ, තුෂාරා, සිරිල් මල්ලී සහ වනගත කෙල්ල ඔහු දායක වූ තවත් චිත‍්‍රපට කිහිපයක්.