Thursday, April 18, 2024

General line - 0115112241

මේ දිනවල කොළඹ ට්‍රැෆික් වැඩියි




ගාලුමුවදොර පැවැත්වෙන 69 වැනි නිදහස් සැමරුමට අදාළ පෙර පුහුණුවීම් හේතුවෙන් කොල්ලුපිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගාලු පාරේ කොටසක් වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය පැවසුවේ.

මේ වන විට පැවැත්වෙන එහි පෙර පුහුණුවීම් පස්වරු 12.00ට පමණ අවසන් වීමට නියමිතයි.

එම කාලය තුළදී තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.