Friday, April 19, 2024

General line - 0115112241

බලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියටත් ප්‍රශ්නයක්




බලපිටිය ප‍්‍රාදේශීය ලේකම් සරසි එස්. ගුණසේකරට එම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තර්ජනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම්වරිය කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනවසර ඉදිකිරීමක් නවත්වන ලෙසට ප‍්‍රාදේශීය ලේකම්වරිය එම ව්‍යාපාරිකයාට දැනුම් දුන් අවස්ථාවේදී සැකකරු විසින් මෙම තර්ජනය කිරීම සිදුකර තිබෙනවා.

ඔහු බලපිටිය ප‍්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවද කොස්ගොඩ පොලිසිය සඳහන් කළා.