Friday, March 29, 2024

General line - 0115112241

සයිටම් විරෝධීන්ට අධිකරණයෙන් නියෝගයක්




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය සංගමය සංවිධාන කර ඇති සයිටම් විරෝධී උද්ඝෝෂණ මහජනයාට පීඩාවක් සහ මාර්ග අවහිර නොවන අයුරින් සිදුකරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (02) නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව සොයිසා වටරවුම, රජයේ රෝහල් පරිශ‍්‍රය, සෙරමික් හන්දිය, කොල්ලුපිටිය හන්දිය, අරලියගහ මන්දිරය, ලිප්ටන් වටරවුම සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථානවලදී මෙම නියෝගය පිළිපදින ලෙසයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මෙහිදී නියෝග කළේ.