Friday, April 19, 2024

General line - 0115112241

දුම්රියට හසු වූ කිඹුලා ජීවිතයත් මරණයත් අතර සටනක




දුම්රියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා සිටින හැළ කිඹුලකුගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුමක අද (02) පෙරවරුවේ සිට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් නිරත වනවා.

කැකිරාව නෙල්ලියගම ප‍්‍රදේශයේදී එම කිඹුලා අද උදෑසන දුම්රියේ ගැටී තිබුණා. අනතුරට ලක්ව ඇති කිඹුලා දිගින් අඩි නවයක් පමණ වනවා.

දුම්රියේ ගැටීමෙන් කිඹුලාගේ හනු ප‍්‍රදේශයට වලිගයට මෙන්ම කොන්දට බරපතල හානි සිදුව ඇති බව වනජීවී නිලධාරීන් පැවසුවා.

නෙල්ලියගම වැවේ සිට මහමාංකඩවල වැව දක්වා ගමන් කරමින් සිට ඇති කිඹුලා දුම්රිය මාර්ගයේ ස්ථානයකදී මෙම අනතුරට ලක්ව ඇති බවයි සැක කරන්නේ.

ගනේවල්පොල වනජීවී කාර්යාලයේ වන සත්ත්ව නියාමකවරුන් වන අමිත ශ‍්‍රී නාලක, ඞී.එස්.එස් රත්නායක, ක්ෂේත‍්‍ර සහයකවරුන් වන සුසන්ත සෙනවිරත්න, එන්.එම්.විජේ බණ්ඩාර, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන විමල් අමරසිරි, ශාන්ත විජේසිංහ ඇතුලු පිරිසක් සහ පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් කිඹුලගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටිනවා.

60 (1) 60 (2) 60 (3) 60